Saturday, November 10, 2012
නංගි නලලෙද...(පරණ කතා..)...!
හප්පටසිලි සිලි කිව්වලු.....සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකක් තිබුනා වගේ ලාවට මතකයක් තිබ්බ හින්දා මේ පැත්තට ආවාම....හයියූ...මේකෙ ඇතුලේ වේයෙක් තුඹහක් බැඳලා නයෙක් ඒකට ඇවිත් නයි අරිනවා....සිලාවට...ඉස්සර මේකේ මකුළුවෙක් හිටියා..මම අද එනකොට ඌ උගේ පරණ මකුලිව ඩිවෝස් කරලා කොහෙන්දෝ මන්දා හොයාගත්ත සුකුරුත්තං මකුලියක් එක්ක ඇවිල්ලා හැමතැනම මකුළු දැල් බැඳලා දෙන්නා එක්ක ගන්ගම් ස්ටයිල් නටනවා...බලන්නකෝ නේද....උයාට කියන්න මෙයා...මේ දවස්වල් මගේ ඇඟටත් නිකන් හරි නෑ වගේ...නිකන් මොකද්දෝ අමුත්තක් වේගෙන වේගෙන එනවා... එනවා වගේ...අම්මපා මං මේ බැලුවේ මං වැඩිවියටවත් පත් උනාද කියලා...ඒත් ඒ කාලේ 9වසර සෞඛ්‍ය පොතේ තිබ්බ විදිහට එහෙම හතර පස් පාරක් එහෙම වෙන්නේ නෑලු නේද.....එක්කෝ මේ වෙන මොකක් හරි වෙන්ඩ ඇති...හඳ මෝරන කාලෙත්ලුනේ....අපි ජුගුප්සාජනක මිනිස්සු විදිහට මේ වගේ පෘතග්ජන හැඟීම් ඇති වෙන එකත් පුදුමයක්ද නේද ඈ.........
Subscribe to:
Posts (Atom)