අඩේ මේ දවස්වල ලඟ ලඟ පෝස්ට් වැටෙනවනේ ඈ... එක්කෝ ඒකට මොකෝ නේද...
මේ...කියන්න ආපු දේ කියන්න බැරි උනානේ..මේ ලගඳි මාර සීන්කෝන් එකක් උනාලුමට. මං රෑ දොයියං ඉන්නකොට අපේ මැරිච්ච කිරි අත්තගේ මහප්පගේ පුතාගේ හිටපු එකම වඳ පුංචි අම්මගේ පුතා වෙච්ච මහානුබාව සම්පන්න මන්තර සීය කෙනෙක් මට හීනෙන් පෙනුනලු. පෙනිලා මට කිව්වලු පුතේ තෝ වෙනුවෙන්ම මහා පොත් රාජයෙක් අල්ලපු ගෙදර කක්කුස්සිය ගාව තියන වැටකේ පඳුරට එහා පැත්තෙන් ඉර මුදුන් උනාම මෙහා පැත්තේ මාර ගහේ යටම අත්තේ හෙවනැල්ල වැටෙන තැනට ගිහින් උතුරට අඩි පහලොවයි ආපස්සට අඩි පහලවයි. එතනින් දකුණට අඩි විස්සයි ආපහු ආපු පැත්තටම අඩි විස්සක් ආපු තැන තියන පූසෙක් ජරා කරලා වහපු පස් ගොඩක් ගාවින් අමාවක දවසක හඳ පෑව්වාම කෝට්ටකින් අඩි පහක් හෑරුවාම බොට හම්බ වෙයි. ඒකෙන් තෝ කැමති දෙයක් කරපිය කිව්වලු.